
ඔස්ට්‍රේලියාව තුළ තරබාරුකම (Obesity) මේ වනවිට බරපතල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබෙනවා.
ඒ හේතුවෙන් අධික සීනි සාන්ද්‍රණයක් සහිත පාන වර්ග සදහා බද්දක් පනවන ලෙසටයි ඔස්ට්‍රේලියා වෛද්‍ය සංගමය ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටින්නේ.
රට තුළ වළක්වා ගත හැකි මරණවලින් බහුතරයක්ම සිදුව ඇත්තේ තරබාරුකම මත පදනම්වයි.

එය මරණ අනුපාතය දුම්කොළ භාවිතය හේතුවෙන් සිදුවන මරණවලට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බවයි මෙහිදී හදුනාගෙන ඇත්තේ.
සීනි ග්‍රෑම් 100 ක් අන්තර්ගත අධික පැණි රසකින් යුත් පාන වර්ග සදහා ඩොලර් ශත 50 ක පමණ බද්දක් පැනවිය යුතු බවයි විද්වතුන්ගේ අදහස වී ඇත්තේ.

ඒ අනුව ඉදිරියේදී මිලිලීටර් 375 ක Soft Drink එකක මිල ඩොලර් සත 20 ක් පමණ ඉහළ යනු ඇති.
පවතින තත්වයට නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉහළ යන තරබාරුකම හේතුවෙන් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඩොලර් බිලියන 38 ක පමණ පාඩුවක් සිදුවිය හැකි බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.
සෞඛ්‍ය අංශ මගින් යෝජනා කරන මෙම නව බදු සංශෝධනය ඔස්සේ එක් පුද්ගලයෙකුගේ වාර්ෂික සීනි පරිභෝජනය කිලෝග්‍රෑම් 02 කින් පමණ අඩු වනු ඇති.
මේ හරහා ෆෙඩරල් රජයේ බදු ආදායම ඩොලර් බිලියන 3.6 කින් පමණ ඉහළ යනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.