
ඊයේ (19) දිනයේදී මෙල්බන් හි Caulfield Grammar පාසලේ අධ්‍යාපනය ලබන සිසුවෙකු පැහැර ගැනීමට තැත් කර තිබෙනවා.
අදාළ සිසුවා බස් නැවතුම්පොළ අසල රැදී සිටියදී කළු පැහැති මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු විසිනුයි මෙම පැහැර ගැනීම සිදු කිරීමට තැත් කර ඇත්තේ.
මෙම නාදුනන පුද්ගලයා විසින් පාසල් සිසුවාට සිය මෝටර් රථයට ගොඩ වන ලෙස පවසා තිබුණද ඔහු එය ප්‍රතික්ෂේප කර තිබෙන බවයි දැක්වෙන්නේ.

පාසල් පාලනාධිකාරිය මේ සම්බන්ධයෙන් එම දරුවාගේ දෙමව්පියන් දැනුවත් කර තිබෙනවා.
පසුගිය වර්ෂයේ අවසන් භාගයේදීද මෙවැනි ආකාරයේ දරුවන් පැහැර ගැනීමට තැත් කිරීම් රැසක් වාර්තා වී තිබුණා.

විශේෂයෙන්, Tullamarine, Blackburn සහ Boronia යන ප්‍රදේශවලදී වයස අවුරුදු 10 ත් 15 ත් අතර දරුවන් සිව් දෙනෙකු පැහැර ගැනීමට තැත් කර තිබීම ද කැපී පෙනෙනවා.
ඊට අමතරව පසුගිය දෙසැම්බර් මාසයේදී මෙල්බන් හි පාසලක අධ්‍යාපනය ලබමින් සිටි 06 ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙකුට ද මෙවැනි ආකාරයේ සිදුවීමට මුහුණ දීමට සිදුවූ බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.