කොවිඩ් කළමණාකරණයේදී ගත් පියවර නිසා අගමැති මොරිසන්ගේ ජනප්‍රියත්වය ඉහළට

කොවිඩ් වසංගතය මර්දනයට ඔස්ටේ්‍රලියා රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්විය හැකි බවට සමීක්ෂණයකට සහභාගීවූවන්ගෙන් සියයට 65 ක් ප්‍රකාශ කර තිබේ.

පුද්ගලයන් 2200 ක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබිණ.

කෙසේවෙතත් විදෙස්ගත ඔස්ටේ්‍රලියානුවන් රටට යළි ගෙන්වා ගැනීමේ රජයේ ක්‍රියා පිළිවෙත ගැන සතුටුදායක බව සඳහන් කර තිබුණේ සියයට 33 ක් පමණි.

කොවිඩ් වසංගතය නිසි ලෙස කළමණාකරණයට අගමැති ස්කොට් මොරිසන්ගේ රජය විධිමත් පියවර නොගත් බවට විපක්ෂය මෙන්ම සමාජ ජාල ක්‍රියාකාරීන්ද චෝදනා එල්ල කර තිබුණි.

එන්නත්කරණය ප්‍රමාදවීම – විදෙස්ගත පිරිස් ගෙන්වා නොගැනීම ඇතුලු සාධක ඊට මූලික විය.

දැනට රට තුළට පැමිණීමට බලාපොරොත්තුවෙන් විදේශයන්හි සිටින ඔස්ටේ්‍රලියානුවන් ගණන 35 000 කට ආසන්නය.

එයින් 10 000 ක් පමණ ඉන්දියාවේ සිටින බව සඳහන්.

මෙම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ අදාළ පිරිස් ගෙන්වා ගැනීම සඳහා අගමැති මොරිසන්ගේ රජය උපරිම උත්සාහයක් දර ඇතැයි මහජන මතය වන බවයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »