
ෆෙඩරල් රජය සිය ඖෂධ ප්‍රතිකාර යෝජනා ක්‍රමය (PBS) යටතේ ඔස්ට්‍රේලියානුවන් 830,000 කට පමණ අවශ්‍ය වන ඖෂධයක මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම සංශෝධනය එළඹෙන මැයි 01 වනදා සිට ක්‍රියාත්මක වනු ඇති.
මෙලෙස සහන ලබාදීමට පියවර ගෙන ඇත්තේ Endometriosis (එන්ඩ්‍රොමෙට්‍රියෝසිස්) රෝගය සදහා භාවිත කරන Hosking නම් ඖෂධ වර්ගයට වීමද විශේෂත්වයක්.

මීට පෙර 2024 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී Endometriosis රෝගී තත්වය සදහා භාවිත කරන Visanne නම් ඖෂධයද ඖෂධ යෝජනා ක්‍රමය සදහා ඇතුලත් කිරීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබුණා.
මෙම රෝගී තත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් වසරකට ඩොලර් බිලියන ගණනක මුදලක් වැය කරන බවයි වැඩිදුරටත් හදුනාගෙන ඇත්තේ.
