
ඉදිරි ෆෙඩරල් මැතිවරණයෙන් ජය ගතහොත් විදුලි බිල් ගාස්තු සහනයක් දෙන බවට කිසිදු පොරොන්දුවක් දිය නොහැකි බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.
පසුගිය 2022 ෆෙඩරල් මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි ඩොලර් 275 ක විදුලි ගාස්තු සහනයක් ලබා දීමට පාලක කම්කරු රජයට මෙතෙක් හැකියාව ලැබී නැහැ.
දිනෙන් දින ඉහළ යන බලශක්ති වියදම් හමුවේ ඔස්ට්‍රේලියානු ජනතාවට එවැනි සහනයක් ලබා දීම සිතාමතා ප්‍රමාද කරන බවටයි ඇල්බනීස් රජයට චෝදනා එල්ල වන්නේ.

ඊට ප්‍රතිචාර දක්වමින් අගමැති ඇන්තනී ඇල්බනීස් අවධාරණය කර ඇත්තේ ලොව පුරා උද්ධමනය ඉහළ යෑම විදුලි ගාස්තු සහනයක් ලබා දීමට නොහැකි ප්‍රධාන සාධකය වී ඇති බවයි.
මෑතකදී සිදුකළ සමීක්ෂණයකදී සියයට 53 කට ආසන්න පිරිසක් පවසා තිබුණේ පාලක කම්කරු රජය ඉහළ යන බලශක්ති ගාස්තු පාලනයට ගෙන ඇති පියවර කිසිදු ආකාරයකින් ප්‍රමාණවත් නොවන බවයි.
