
වික්ටෝරියා ප්‍රාන්තයේ පාලක කම්කරු පක්ෂයට එරෙහිව විපක්ෂ ලිබරල් සන්ධානය විසින් දූෂණ අක්‍රමිකතා චෝදනා මාලාවක් එල්ල කර තිබෙනවා.
ඊට අදාළව පුද්ගලයන් 4,700 කගේ අත්සන් සහිතව ඉදිරිපත් කරන ලද පෙත්සමක්ද ඔවුන් විසින් ඊයේ (19) වික්ටෝරියා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව සදහන්.
වත්මන් ජසින්ටා ඇලන් රජය විසින් මෙම චෝදනා විමර්ශනය සඳහා පූර්ණ ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත් කළ යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ පුස්තකාල සඳහා ලබා දී ඇති ග්‍රන්ථ කාණ්ඩයක් හරහා ස්ත්‍රී – පුරුෂ භේදය විකෘති කර ඇති බවට සිවිල් ක්‍රියාකාරීන් චෝදනා කරනවා.
එම ග්‍රන්ථ මාලාව හරහා අසත්‍ය තොරතුරු සමාජගත කර ඇති බවටයි පාලක කම්කරු පක්ෂ රජයට චෝදනා එල්ල වන්නේ.
