
සංවර්ධිත රටවල් අතුරින් වැඩිම ණය මුදලකට ලබාගෙන ඇත්තේ ඔස්ට්‍රේලියානු ජනතාව බව නවතම වාර්තාවක් හෙළි කරනවා.
2004 වර්ෂයේදී මෙරට ණය ප්‍රතිශතය සියයට 15.2 ක් ලෙස පැවතුණා.
කෙසේවෙතත් පසුගිය වසර වනවිට එය සියයට 57.9 දක්වා ඉහළ ගොස් ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

මේ අතර ලබන මාසයේදී නැවත වරක් Cash Rate අගය පහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇතැයි පාලක කම්කරු පක්ෂ රජය විශ්වාසය පළ කරනවා.
ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් සදහන් කළේ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ආර්ථික සහන ලබා දෙන බවට විපක්ෂය එල්ල කරන චෝදනා කම්කරු රජය බැහැර කරන බවයි.
