Search

ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට අද සිට ඉහළ යන දීමනා

ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට බලපාන පරිදි සමාජ ආරක්ෂණ දීමනා ගණනාවක් අද (20) සිට ඉහළ දැමීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව Jobseeker – වැඩිහිටි දීමනා සහ තරුණ දීමනා මෙලෙස ඉහළ යනු ඇති.

Age Pension, Disability Support Pension & Carer Payment දීමනා ඩොලර් 4.60 කින් වැඩි කෙරෙන්නේ සති 02 කට ඩොලර් 1,149 ක් දක්වායි.

Parenting payment දීමනාව එක් අයෙකු සඳහා ඩොලර් 4 කින් ඉහළ දමා ඇති අතර සති 02 ක් සඳහා එම නව දීමනාව ඩොලර් 1,030 ක් බවට පත්වනවා.

දරුවන් නොමැති වයස අවුරුදු 22 ට වැඩි Jobseeker දීමනාලාභීන් සඳහා සති 02 ක් සඳහා ගෙවන එම මුදල ඉහළ යනු ඇත්තේ ඩොලර් 789.90 ක් දක්වායි.

සමාජ සේවා ඇමතිනී ඇමැන්ඩා රිෂ්වර්ත් පැවසුවේ 2024/25 අයවැයෙන් මේ වෙනුවෙන් වෙන් කෙරෙන මුදල ඩොලර් බිලියන 1.5 ක් බවයි.

අද සිට ඉහළ යන සමස්ත දීමනා පිළිබඳ වැඩිදුර විස්තර මෙතැනින් – https://www.dss.gov.au/system/files/documents/2025-03/rates-list-20-march-2025-upload.pdf

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »