
සෞඛ්‍ය ගැටලු මත පදනම්ව කුඩා ළමුන් අතර වඩාත් ජනප්‍රිය පාන වර්ගයකට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
“Slushy” නම් මෙම පාන වර්ගය තුළ Glycerol අන්තර්ගත වන බවයි අනාවරණය වී ඇත්තේ.
වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ මෙම පාන වර්ගය හේතුවෙන් ඇතැම් දරුවන්ට “intoxication Syndrome” නම් මාරාන්තික තත්වය ඇතිවිය හැකි බවයි.

මෙම පාන වර්ගය හේතුවෙන් මිනිත්තු කිහිපයක් ඇතුලත කුඩා දරුවන්ගේ රුධිරයේ සීනි මට්ටම අධික ලෙස පහත වැටිය හැකි බවයි හදුනාගෙන ඇත්තේ.
ඉකුත්දා පමණක් මෙය පානය කිරීමෙන් පැයක කාලසීමාවක් ඇතුලත දරුවන් 21 දෙනෙකු පමණ ප්‍රතිකාර සදහා රෝහල් වෙත ඇතුලත් කර තිබෙනවා.

පසුගිය වර්ෂයේදී වයස අවුරුදු තුන සහ හතර යන වයස් කාණ්ඩවල පසුවන දරුවන් දෙදෙනෙකු මෙම පාන වර්ගය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවද වැඩිදුරටත් සදහන්.