
මාස නවයක කාලයක් අභ්‍යවකාශයේ සිරිවී සිටි ගගනගාමීන් දෙදෙනා අද උදෑසන පෘථිවියට පැමිණියා.
SpaceX ෂටලය රාත්‍රී 9 ට පෙර ඇමෙරිකා ෆ්ලොරීඩා ප්‍රාන්තයේ Tallahassee වෙරළට ඔබ්බෙන් පහළට විහිදෙන ආකාරය දැක්වෙන සජීවී විකාශයක් ද නාසා ආයතනය මගින් නිකුත් කර තිබෙනවා.
SpaceX කාර්ය මණ්ඩලය ෂටලය ගොඩබස්වන විට ප්‍රීතී ඝෝෂා නංවා ඇති බවයි නාසා ආයතනය පවසන්නේ.

Butch Wilmore සහ Suni Williams යන ගගනගාමීන් දෙදෙනාගේ මුහුණවලින් දැඩි සතුටක් දක්නට ලැබූ බව ෂටල් කපිතාන් නික් හේග් පවසා තිබෙනවා.
අභ්‍යවකාශයේ සිට පෘථිවියට ලඟාවීමට ඔවුන්ට පැය 17 ක කාලයක් ගතවී ඇති බවයි නාසා ආයතනය කියාසිටියේ.

බෝයිං රොකට්ටුවේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් ගගනගාමීන් දෙදෙනාගේ සතියක අභ්‍යවකාශ ගමන මාස 9 ක් දක්වා දීර්ඝ වුණා.