
ඔස්ට්‍රේලියානුවන් දැනට ලබන වැටුපට වඩා සැළකිය යුතු වැටුපක් අපේක්ෂා කරන බවට නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.
මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ Finder විසිනුයි.
සමීක්ෂණයට සහභාගී වූ පුද්ගලයන් දහසකගේ අදහස වී ඇත්තේ ඔවුන් දළ වශයෙන් වසරකට ඩොලර් 152,775 ක පමණ සැලකිය යුතු වැටුපක් අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත් සෙසු වයස් කාණ්ඩ හා සැසදීමේදී තරුණ ඔස්ට්‍රේලියානුවන් ඉහළ වාර්ෂික වැටුපක් අපේක්ෂා කිරීමද මෙහිදී කැපී පෙනෙනවා.
මේ අතර Gen Z හෙවත් 1990 දශකයේ අග භාගයේ සිට 2010 දශකයේ මුල භාගය තෙක් උපත් ලැබූ ඔස්ට්‍රේලියානුවන් සාමාන්‍යයෙන් 177,212 ක වාර්ෂික වැටුපක් අපේක්ෂා කරන බවයි දැක්වෙන්නේ.

මෙහිදී එක් එක් ප්‍රාන්තවල ඉහළ වැටුප් අපේක්ෂාවද හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව වැඩිම වැටුප් අපේක්ෂාවක් සහිත ඔස්ට්‍රේලියානුවන් ජීවත්වන ප්‍රාන්තය බවට පත්වී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් ඩොලර් 168,160 ක ඉහළ වැටුපක් අපේක්ෂා කරන බවයි දැක්වෙන්නේ.
මේ අතර වික්ටෝරියානුවන්ගේ වාර්ෂික ඉහළ වැටුප් අපේක්ෂාව ඩොලර් 148,308 ක් වන බවද වැඩිදුරටත් සදහන් වනවා.