Search

යුක්‍රේන සාම ගිවිසුමට පුටිං- ට්‍රම්ප්ගේ තීරණය

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටිං අතර දුරකථන සංවාදයක් අද උදෑසන පැවැත්වුණා.

එහිදී රුසියානු ජනාධිපතිවරයා පූර්ණ සටන් විරාමයකට වහාම එළැඹීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එසේ වුවද දින 30ක කාලයක් සඳහා යුක්‍රේනයේ බලශක්ති යටිතල පහසුකම් වෙත එල්ලකරන ප්‍රහාර නැවැත්වීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එකඟතාවය පළ කර ඇති බවයි ධවල මන්දිර වාර්තා පවසන්නේ. 

එමෙන්ම මෙම යුද්ධය දිගු කාලීන සාමයකින් අවසන් වියයුතු බවට ද දෙපාර්ශවයම එකඟ වූ බව ධවල මන්දිරය නිකුත්කළ නිවේදනයේ සඳහන්.

මෙම පියවර සම්බන්ධයෙන් කඩිනමින් යුක්‍රේනය සමග සාකච්ඡා ආරම්භ කළ යුතු බවයි දෙපාර්ශවය මෙහිදී එකඟ වී ඇත්තේ.

මේ අතර රුසියාව සහ යුක්‍රේනය ලබන බදාදා යුද සිරකරුවන් 175 දෙනෙකුද හුවමාරු කර ගැනීමට නියමිතයි.

එමෙන්ම බරපතල ලෙස තුවාල ලබාසිටින සොල්දාදුවන් 23 දෙනෙකුද රුසියාව යුක්‍රේනයට භාරදෙන බවද පුටින් – ට්‍රම්ප් සාකච්ඡාවේදී පවසා තිබෙනවා.