
2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික වර්ධනය 5 % කින් ඉහළ ගොස් තිබෙනවා.
මෙය 2017 වර්ෂයෙන් පසුව වාර්තාවන ඉහළම ආර්ථික වර්ධන වේගය බවයි සංඛ්‍යා ලේඛන වාර්තා පෙන්වාදෙන්නේ.
ඒ් අනුව කෘෂිකාර්මික අංශය 1.2%කින්, කර්මාන්ත අංශය 11.0%කින්ද, සේවා අංශය 2.4%කින්ද වර්ධනය වී තිබීම විශේෂත්වයක්.

මේ අනුව පෙනී යන්නේ 5% වර්ධනයට ප්‍රධානම හේතුව කර්මාන්ත අංශය නැවත යථා තත්ත්වයට පැමිණීමයි.
කර්මාන්ත අංශය අතරිනුත් ඉදි කිරීම් අංශය 19.4%කින් වර්ධනය වී ඇති බවට කැපී පෙනෙනවා.

ඒමෙන්ම 2024 වසරේ සිව්වන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය 5.4 % කින් ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ.