
ඉදිරි අයවැය පිළිබඳ ඔස්ට්‍රේලියා භාණ්ඩාගාරික Jim Chalmers අද යම් ඉඟියක් ලබාදී තිබෙනවා.
බ්‍රිස්බන් හි පැවති මාධ්‍ය හමුවකදී ඔහු පවසා ඇත්තේ ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව හා ඩොනල්ඩ් ට්‍රම්ගේ තීරුබදු හමුවේ ඉදිරි අයවැයට දැඩි පීඩනයක් එල්ල වනු ඇති බවයි.
ඔහුගේ මෙම කථාව අතරතුර විරෝධතාකරුවන් පිරිසක් දෙවරක් බාධා සිදුකර තිබෙනවා.

මෙම අවස්ථාවේ වේදිකාවට නැගි එක් විරෝධතාකරුවෙකු සටන් පුවරු අතැතිව පවසා ඇත්තේ නව ගෑස් සහ ගල් අඟුරු ව්‍යාපෘති සඳහා අරමුුදල් සැපයීම නතර කරන්න ලෙසයි.
කෙසේවෙතත් තවදුරටත් අදහස් දක්වමින් ඔස්ට්‍රේලියා භාණ්ඩාගාරිකවරයා කියාසිටියේ මෙවර අයවැයෙන් ආපදා සඳහා ඩොලර් බිලියන 13.5 ක මුදලක් වෙන් කිරීමට සිදුවන බවයි.

එමෙන්ම ගෝලීය වෙළඳපොළේ සිදුවූ තීරුබදු ඉහළයාම ඔස්ට්‍රේලියාවේ ආර්ථික දැක්ම අඩපණ කල බවද ඔස්ට්‍රේලියා භාණ්ඩාගාරික Jim Chalmers වැඩිදුටත් කියාසිටියා.