
ඔස්ට්‍රේලියානුවන් 6 දෙනෙකුගෙන් එක් අයෙකු ආතතියෙන් පෙළෙන බවට අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
ඒ අනුව ආතතිය සඳහා ජානමය හේතු බලපානු ඇතැයි සොයාබැලීමට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් සූදානම් වනවා.
ආතතිය සඳහා මනෝවිද්‍යා චිකිත්සාව භාවිත කරන අතර ඇතැම් antidepressants ඖෂධ මේ සඳහා භාවිත කරන බව ඔවුන් කියාසිටියා.

එහෙත් නින්ද නොයෑම, ආහාර රුචිය මෙන්ම ලිංගිකත්වයට ඇති උනන්දුව අඩුවීම වැනි අතුරු ආබාධ එම ඖෂධවලින් ඇතිවිය හැකි බවයි ඔස්ට්‍රේලියා විද්‍යාඥයින් පවසන්නේ.
ඒ අනුව කෙළ සාම්පලයකින් රෝගියාගේ ජානමය තත්වය හඳුනාගෙන නිවැරදි ඖෂධ නියම කිරීම ඔස්ට්‍රේලියා විද්‍යාඥයින්ගේ ඉලක්කය වී තිබෙනවා.
