Search

රියදුරන්ගේ වයස් සීමාව වෙනස් කිරීම ගැන පාර්ලිමේන්තු විවාද

ඔස්ට්‍රේලියා රියදුරන්ගේ ප්‍රමිතිකරණය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ අවධානය යොමු වී තිබෙනවා.

එහිදී විශේෂයෙන් අවම රියදුරු වයස සහ බලපත්‍ර අවශ්‍යතා පිළිබඳ ගැටළු සඳහා විසඳුම් ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ.

උතුරු වික්ටෝරියා හි පාර්ලිමේන්තු මන්ත්‍රිනී Gaelle Broad විසිනුයි මෙම යෝජනාව මෙහෙයවා ඇත්තේ.

වික්ටෝරියාවේ රියදුරන්ගේ 18 ක්ව පවතින අවම වයස් සීමාව 17 ක් දක්වා අඩු කරන ලෙස ප්‍රාන්ත රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

රැකියා සඳහා යොමුවීමේදී වයස අවුරුදු 17 තරුණයින්ට රියදුරු බලපත්‍රය අවශ්‍යවීම මීට හේතුවයි.

එමෙන්ම නිව් සවුත්වේල්ස් හි සිදුකරන උපක්‍රමශීලී රියදුරු පුහුණු වැඩසටහන් වික්ටෝරියාවේත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බව මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා.

කෙසේවෙතත් වික්ටෝරියාවේ දිනෙන් දින ඉහළ යන තරුණ රියදුරු මරණ හේතුවෙන් වයස් සීමාව කිසිසේත් අඩු නොකරන බවයි බලධාරීන් පවසා ඇත්තේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »