
තායිලන්ත සංචාරකයින්ගේ අවධානය දිනාගැනීම වෙනුවෙන් Lopburi නගරයේ මේ වසරේදීත් ආකර්ෂණීය උත්සවයක් පවත්වනු ලබනවා.
එය The Monkey Buffet Festival ලෙසයි හැඳින්වෙන්නේ.
මෙම උත්සවය සංචාරකයින්ගේ ආකර්ෂණයට පමණක් නොව Lopburi නගර වැසියන්ගේ සහ වඳුරන්ගේ සහජීවනයේ සංකේතයක් බවයි ඔවුන් පවසන්නේ.

මෙය පුරාණ නටඹුන් සහ දේවාලයන් තුළ විවිධ පළතුරු, එළවළු සහ පිසින ලද ආහාර වර්ග මේසයක් මත අලංකාරව සකසා වඳුරන්ට ලබාදෙනු ඇති.
The Monkey Buffet Festival තායිලන්තයේ 1980 දශකයේ සිට පැවත එන්නක් බවයි වාර්තා වන්නේ.

උත්සවයට තායිලන්ත සංචාරක සමාගමේ සහය ඇතිව ක්‍රියාත්මක වන අතර මෙමගින් එහි වැසියන්ට වාසනාව උදාවන බවයි ඔවුන් විශ්වාස කරන්නේ.
මෙවර The Monkey Buffet Festival උත්සවය මැයි මස 2 වනදා සිට 4 දක්වා Lopburi නගරයේ පැවැත්වීමට නියමිතයි.