
ඔස්ට්‍රේලියාවේ රාත්‍රී සේවයේ යෙදන්නන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තාවකින් හෙළිව තිබෙනවා.
ගෝලීය ශ්‍රම වෙළඳපොළ අධීක්ෂණ සමාගමක් වන Lightcast මගින් සිදුකළ අධ්‍යයනකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ 2019 වසරේදී 19,800 ක්ව පැවති රාත්‍රී සේවාවන් 2024 වසර වනවිට 83,100 ට වැඩි අගයක් ගන්නා බව එම වාර්තාවේ දැක්වෙනවා.

විකුණුම් සහ ප්‍රජා සේවා ක්ෂේත්‍රයන් හි රාත්‍රී කාලයේ අඩු වැටුපක් ගෙවුවද සෞඛ්‍ය සේවා, නඩත්තු කිරීම් සහ පිරිසිදු කිරීම් වැනි අංශවලට වැඩි වැටුප් හිමි වන බවයි Lightcast අධීක්ෂණ සමාගම පෙන්වාදෙන්නේ.
ඔවුන් පෙන්වාදෙන්නේ රාත්‍රී සේවාවන් වැඩිදියුණු කිරීම මගින් ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව ඩොලර් බිලියන 27 කට වඩා ආදායමක් උපයා ගත හැකි බවයි.
