Search

ඝෝඨාභයකගේ නියෝගයකට අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුව

හිටපු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂට ලබාදුන් රැඳවුම් නියෝගයක් නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර තිබෙනවා.

2020 වසරේ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන විමර්ශනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ අවසර ලබාදී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි කාංචනා ප්‍රියදර්ශනී මදුරප්පෙරුම නමැති කාන්තාවකුයි මෙලෙස රඳවා ගෙන ප්‍රශ්න කරනු ලැබුවේ.

ඇය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කලේ එය නීතියට පටහැනි තීන්දුවක් බවයි.

එමෙන්ම එම කාන්තාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දියක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවත් එහිදී නියෝගකර තිබෙනවා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »