Search

ජසින්ටාගේ ඇප නීති අද පාර්ලිමේන්තුවට

වික්ටෝරියාවේ දැඩි ඇප නීති අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

එහි පළමු පියවරක් ලෙස තරුණ අපරාධකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම වහාම ක්‍රියාත්මක වනු ඇති බවයි වික්ටෝරියා රජය පවසන්නේ.

ප්‍රාන්තය පුරා තරුණ අපරාධ රැල්ලක් ක්‍රියාත්මකවීම හේතුවෙන් වික්ටෝරියා අගමැතිනි ජසින්ටා ඇලන් පසුගියදා මෙම දැඩි ඇප නීති ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම දැඩි ඇප පනත් කෙටුම්පත මූලිකවම ප්‍රජා ආරක්ෂාව වෙනුවෙන් සැකසූ බවයි ඇය කියාසිටියේ.

නමුත් තරුණ අපරාධකරුවන් රිමාන්ඩ් භාරයේ තැබීම අවසන් විසඳුමක් නොවන බවයි ජසින්ටා ඇලන් මහත්මිය අවධාරණය කරන්නේ.

පාර්ලිමේන්තුව හරහා මෙම නව ඇප නීති සම්මතවූවායින් පසු හැකි ඉක්මනින් ඒවා ක්‍රියාත්මක කළ යුතු බවයි වික්ටෝරියා අගමැතිනි වැඩිදුරටත් කියාසිටියේ.