Search

මතට ලොල් වූ දෙමාපියන් නිසා – මාස 8 ක බිළිදෙක් මියයයි

පියාගේ මත්ද්‍රව්‍ය අබ්බැහිවීම මත මාස ගණනක දරුවෙකු මියයාමේ සිද්ධියක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

Andrew William Campbell වන පියා සහ ඔහුගේ සහකාරිය  දින ගණනාවක් තිස්සේ මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිට ඇති අතර ඔවුන්ට දරුවා අමතක වී ඇති බවයි හෙළිව ඇත්තේ.

Dexter නම් මාස 8 ක් වයසැති මෙම දරුවාට මූලික අවශ්‍යතා අහිමිවීම හේතුවෙන් මියගොස් ඇති බවට වෛද්‍ය  වාර්තාවලින් තහවුරු වී තිබෙනවා.

ඊයේ බ්‍රිස්බන් අධිකරණයේ මෙම නඩු විභාගයේදී දරුවාගේ පියා වන විලියම් මනුෂ්‍ය ඝාතන චෝදනාවට වරද පිළිගෙන ඇති බව වාර්තාවල සඳහන්.

කෙසේතෙත් ඔහුගේ මානසික රෝගී තත්වය පිළිබඳ සලකා බලා දඬුවම් ලබාදෙන ලෙස නීතීඥයින් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව නඩු විභාගය ලබන 26 වනදා යළි කැඳවීමට නියමිතයි.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »