Search

Toilet වල ගැටළුවක් නිසා යළි හරවා ගිය දකුණු ආසියානු ගුවන් යානය

වැසිකිලි කිහිපයක් අක්‍රීය වීමෙන් දකුණු ආසියානු ගුවන් යානයක් නැවත ගමනාරම්භක රට වෙත පියාසර කිරීමේ පුවතක් විදෙස් මාධ්‍යවලින් වාර්තා වනවා.

ඉන්දියාවේ ජාත්‍යන්තර ගුවන් යානයක මගීන් පිරිසක් එහි වැසිකිලි තුල පොලිතින් බෑග්, ඇඳුම් පැළඳුම් දමා ඒවා අක්‍රීය කර තිබෙනවා.

යානයේ තිබූ වැසිකිලි 12 කින් 8 ක්ම මෙලෙස අක්‍රීය වී ඇති බවයි වාර්තා වන්නේ.

චිකාගෝ සිට දිල්ලි බලා ගිය ගුවන් යානයකුයි මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ.

මේ හේතුවෙන් පැය 14 ක ගමාන්තයෙන් පැය 5 ක ගුවන් ගමනකින් පසු යානය Chicago’s O’Hare ගුවන් තොටුපළ වෙත නැවත හරවා යැවූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඒ වනවිට ගුවන් සමාගම යුරෝපයට සමීපව තිබුනද බොහෝ යුරෝපීය ගුවන් තොටුපළවල් රාත්‍රී මෙහෙයුම් සීමා කර ඇති බැවින් නැවත චිකාගෝ වෙත යෑමටයි ගුවන් නියමුවන් තීරණය කර ඇත්තේ.

මගීන්ගේ සුව පහසුව හා ආරක්ෂාව වෙනුවෙන් සම්පූර්ණයෙන් ම හරවා යෑමට තීරණය කළ බව එහි නියෝජිතයෙකු මාධ්‍යයට පවසා තිබෙනවා.

තාක්ෂණික ගැටළුවක් බවට දන්වා සියලුම මගීන් මෙන්ම කාර්ය මණ්ඩලයට අපහසුතා මගහැරවීම පිණිස නවතැන් පහසුකම් ද සපයා ඇති බව මාධ්‍ය වාර්තා වල සඳහන්.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »