Search

මිනිසුන් රහිතව භාණ්ඩ බෙදාහරින ගුවන් යානයක් චීනයෙන්

චීනයේ නිෂ්පාදිත මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් සාර්ථකව ගොඩබස්සවා තිබෙනවා.

TP1000 නම් මිනිසුන් රහිත මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය, Shandong පළාතේ දී සිය පළමු ගුවන් ගමන සාර්ථකව දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙය ගුවනේ සිට භාණ්ඩ බෙදා හැරිය හැකි චීනයේ නිෂ්පාදිත ප්‍රථම මිනිසුන් රහිත මහා පරිමාණ ප්‍රවාහන ගුවන් යානාවයි.

‍ඩ්‍රෝන යානාවල ගුවන්ගත කිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව, චීනය මෙම ගුවන් යානය සම්පූර්ණයෙන්ම ස්වාධීන පර්යේෂණයන් කරමින් නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයක්.

මෙම ගුවන් යානයෙන් ටොන් එකක ධාරිතාවක් දක්වා ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම සම්පූර්ණ බර ද සහිත ව කිලෝමීටර් 1000ක දුරක් ගමන් කිරීමේ හැකියාව ද මෙම යානය සතු වනවා.

TP1000 යානය ලබන වසරේ සිට නිළ වශයෙන් භාවිත කිරීමට සැලසුම් කරන බවයි චීන වාර්තාවල දැක්වෙන්නේ.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »