
බටහිර ඔස්ටේ්‍රලියාව සමග වන අන්තර් ටස්මේනියානු සංචාරක බුබුළ නැවතත් තාවකාලිකව අත්හිටුවීමට නවසීලන්තය පියවර ගෙන තිබේ.
ඒ පර්ත් තගරයෙන් කොවිඩ් ආසාධිතයන් 03 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.
මේ අනුව නිරෝධානයකින් තොරව සිදුකල සංචාරක බුබුළ අත්හිටුවනු ඇති.

“බටහිර ඕස්ට්‍රේලියාවේ සිට නවසීලන්තයට නියමිත සෘජු ගුවන් ගමන් වහාම නවතා දැමිය යුතු අතර වැඩිදුර තක්සේරුවක් හා ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය නිලධාරීන්ගේ තොරතුරු ඇතුළුව වැඩිදුර තක්සේරුවක් සිදු කළ යුතුය.” නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යංශ නිවේදනයක සඳහන් විය.
පසුගිය දින හතර තුළ පර්ත් සිට පැමිණි ඕනෑම කෙනෙකුට COVID පරීක්ෂා කර බැලීමට නවසීලන්ත රජය උපදෙස් දෙයි.

ඉරිදා අලුයම 5.30 සිට සිඩ්නි ගුවන්තොටුපළ වෙත පරීක්ෂණ කණ්ඩායම් යොදවනු ලබන අතර, සියලුම සංචාරකයින් NSW වෙත ඇතුළුවීමට දින 14 ක් ඇතුළත බටහිර ඔස්ටේ්‍රලියාව හි සිට ඇත්නම් විශේෂ ප්‍රකාශයක් දිය යුතුය.