
ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.
ඔස්ට්‍රේලියාව මේ වනවිට දක්ෂ ශ්‍රම බලකා හිඟයකින් පෙළෙමින් සිටිනවා.
නිපුණතා හිඟය නව නිපැයුම් සඳහා මෙන්ම ආර්ථික වර්ධනයට ද බෙහෙවින් බලපානු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වාදෙන්නේ.

ඒ සඳහා ප්‍රමුඛතාවයක් දෙමින් මෙල්බන් විශ්ව විද්‍යාලය වෘත්තීය ඉගෙනුම් සහ සංවර්ධන වැඩසටහන් රැසක් ආරම්භකර ඇති බවයි මහාචාර්ය Josephine Lang පැවසුවේ.
මහාචාර්යවරිය පවසන්නේ ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල බොහොමයක් විවිධ පර්යේෂණයන් සඳහා හවුල්කාරිත්වයක් දැක්වුවද ශ්‍රම බලකා පුහුණුව කෙරෙහි අවධානය යොමු කර නොමැති බවයි.

ශ්‍රම බලකා පුහුණු සැලසුම් කිරීමට සහ පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීමට අවශ්‍ය සේවායෝජකයින් මෙන්ම කර්මාන්ත තෝරාගැනීම තවත් අභියෝගයක් බවට පත්ව ඇතැයි ඇය පෙන්වාදෙනවා.
ඒ අනුව මෙල්බන් විශ්ව විද්‍යාලය කර්මාන්ත වලට අවශ්‍ය පරිදි ඉගෙනුම් විසඳුම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි මහාචාර්යවරිය වැඩිදුටත් සඳහන් කළේ.