
ඔස්ට්‍රේලියාවේ grocery bills වල වැඩිවීමක් දක්නට ඇතැයි අද නිකුත්කළ වාර්තාවක දැක්වෙනවා.
ඒ අනුව පවුලක් සඳහා වසරකට grocery bills වෙනුවෙන් ඩොලර් 3000 ක් වැඩිපුර ගෙවීමට සිදුව ඇති බවයි SEC Newgate වාර්තාවෙන් හෙළිව ඇත්තේ.
2022 වසරට සාපේක්ෂව ඔලිව් තෙල්, බිත්තර, බීමවර්ගවල මෙන්ම සීනීවල මිලයන් අද වනවිට සීඝ්‍රෙයන් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වසර තුන තුළ Coles supermarkets හි සියයට 36 කින්ද Woolworths සහ Aldi වෙළඳසැල්වල සියයට 30 ක් සහ සියයට 26 කින් ද සිල්ලර මිලයන් ඉහළගොස් තිබෙනවා.
මෙම කාරණය ඉදිරි මැතිවරණවලට ඉතා හොඳ මාතෘකාවක් වනු ඇතැයි දේශපාලන විචාරකයින්ගේ මතයයි.

මේ වනවිට රජය ඉදිරි අයවැය සකස් කරමින් සිටින අතර එමගින් ජනතාවට සහන සැලසෙනු ඇති බවයි ඔස්ට්‍රේලියා ජනතාව විශ්වාසය පළකරන්නේ.