
AUKUS හවුල්කාරිත්වය ඔස්ට්‍රේලියාවට භයානක ගණුදෙනුවක් වනු ඇති බව හිටපු අග්‍රාමාත්‍ය Malcolm Turnbull පවසනවා.
AUKUS ගිවිසුමට අනුව න්‍යෂ්ටික සබ්මැරීන් නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාව විසින් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 4.78 ක මුදලක් ආයෝජනය කිරීමටයි පසුගියදා කටයුතු කළේ.
හිටපු අග්‍රාමාත්‍ය Malcolm Turnbull කියාසිටියේ මෙම ගණුදෙණුවේ අවසානය ඔස්ට්‍රේලියාවට හිස් අතින් සබ්මැරීන නොමැතිව සිටීමට සිදුවන්නක් බවයි.

එමෙන්ම මෙම AUKUS ගණුදෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ස්වෛරීභාවයට සහ ආරක්ෂාව මෙන්ම මුදල් ද අහිමි වනු ඇති බව හිටපුු අග්‍රාමාත්‍යවරය වැඩිදුරටත් සඳහන් කළා.
AUKUS ගිවිසුමට ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු රටවල් ත්‍රිත්වය එක්ව ඇති අතර ඔස්ට්‍රේලියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන පුහුණුව පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.
