
ඔස්ට්‍රේලියා සංචිත බැංකුව නෝට්ටු සඳහා තවදුරටත් බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවේ පින්තූර නොදමන බවට තීරණය කර තිබෙනවා.
1992 වසරේ සිට අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ මුහුණ ඔස්ට්‍රේලියානු ඩොලර් පහේ නෝට්ටුවට මුද්‍රණය කර තිබුණා.
නමුත් ඉදිරියේදී තුන්වන චාල්ස් රජුගේ පින්තූරය ඔස්ට්‍රේලියා නෝට්ටුවල ඇතුලත් නොකරන බවයි සංචිත බැංකුව පවසන්නේ.

“Connection the Country”. තේමාව යටතේ ඉදිරියේදී නව නෝට්ටු නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සංචිත බැංකුව අද කියාසිටියා.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ආදිවාසී ප්‍රජාව සැමරුම් නෝට්ටු වලට ඇතුලත් කරන බවයි සංචිත බැංකුව සඳහන්කළේ.

මහජනතාව විසින් ඉදිරිපත් කළ තේමාවන් 2000 කට වැඩි සංඛ්‍යාවක් සලකා බැලීමෙන් අනතුරුව මෙම තේමාව තෝරාගැනීම විශේෂත්යක් වනවා.
ඒ අනුව නව නෝට්ටුව නිර්මාණය කර මුද්‍රණය කිරීමට තවත් වසර කිහිපයක් ගතවනු ඇති බව ඔස්ට්‍රේලියා සංචිත බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.