
ඔන්ලයින් හරහා මිනිස් ඇඟිලි අලෙවි කිරීමට තැත්කළ කාන්තාවක් ඔස්ට්‍රේලියා අධිකරණයකදී වරද පිළිගෙන තිබෙනවා.
Joanna Kathlyn Kinman නම් මෙම කාන්තාව වික්ටෝරියාවේ සත්ව රැකවරණ මධ්‍යස්ථානයක සේවයේ නියුතුව සිටි අයෙක්.
පසුගිය වසරේ සුනඛයින් දෙදෙනෙකු සිය ස්වාමියාගේ මරණයෙන් පසු මෙම රැකවරණ මධ්‍යස්ථානයට භාරදී තිබෙනවා.

එහිදී මෙම සුනඛයින් දෙදෙනා මියගිය ස්වාමියාගේ ඇඟිලි වමනය කර ඇති අතර මෙම කාන්තාව එම ඇඟිලි ෆෝමලින් අඩංගු භාජනයක දමා සුරක්ෂිතව තබා ඇති බව සඳහන්.
එම ස්වාමියා ස්වභාවික ලෙස මරණයට පත්වූ අතර ඉන් පසුව මෙම සුනඛයින් විසින් ඔහුව සපන්නට ඇති බවයි පොලීසිය විශ්වාස කරන්නේ.

පසුව එම මිනිස් ඇඟිලි ඩොලර් 400 ක මුදලකට අලෙවි කිරීමටයි ඇය සැලසුම් කර ඇත්තේ.
පොලීසිය හැකිඉක්මනින් ක්‍රියාත්මක වී ඇති අතර එම කාන්තාවගේ නිවස සෝදිසි කිරීමේදී ඇඟිලි සහිත බඳුන සොයාගෙන තිබුණා.
වැටලීමේදී භාජනවල දමා තිබූ ඇයගේ දරුවන්ගේ දත් මෙන්ම alligator claw, a bird skull, guinea pig trotter වැනි විවිධ සත්වයි කොටස් ද හමුවූ බවයි වික්ටෝරියා පොලීසිය පවසා ඇත්තේ.
මෙවැනි චෝදනාවක් සඳහා උපරිම දඬුවම වසර 2 ක් වන අතර තීන්දුව ඉදිරියේදී ලබාදීමටයි වික්ටෝරියා අධිකරණය නියම කර සිටියේ.