Search

මෙල්බන් හි කප්පම් මුදල් ඉල්ලූවන්ට වැඩවරදී

කප්පම් මුදල් ලබාගැනීම්වලට සම්බන්ධ පුද්ගලයින් 12 දෙනෙකු මෙල්බන් හිදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.

සිගරට් වෙළඳසැල් වලින් කප්පම් ගැනීම් සම්බන්ධයෙන් සිදුකරන ලද පොලිස් විමර්ශනයකදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් සතුව තිබී අධි බලැති ගිනි අවි 4 ක්, පුපුරණ ද්‍රව්‍ය, වාහන 3 ක්, දුම්කොළ කිලෝ 10 ක්, කප්පම් ගැන ලියූ සටහන්, vapes 6000 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වූවන්ගෙන් 12 දෙනෙකුම වයස අවුරුදු 21 ට අඩු වයස් කාණ්ඩවල සිටින අය බවයි ෆෙඩරල් පොලීසිය පවසන්නේ.

සැකකරුවන් 12 දෙනාගෙන් ඇප මත සිටින 8 දෙනෙකු ලබන 20 වනදා මෙල්බන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අනෙක් දෙදෙනා මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා.

ප්‍රජාවගේ ආරක්ෂාව වෙනුවෙන් අපරාධ සම්බන්ධ විමර්ෂණ අඛන්ඩව සිදුකරන බව වික්ටෝරියා පොලීසිය කියාසිටියා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »