Search

ඔස්ට්‍රේලියාවේදී Online Shopping කරන ඔබත් ප්‍රවේශමෙන්

මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ භාණ්ඩ මිලදී ගන්නා ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනක් පාර්සල් සොරුන්ගේ (Porch Pirates) ඉලක්ක බවට පත්වී තිබෙනවා.

මේ පිළිබඳව කරුණු අනාවරණය වී ඇත්තේ Finder විසින් සිදුකළ නවතම අධ්‍යයනයකට අනුවයි.

මෙවැනි සොරකම් Porch Piracy සහ පැකේජ සොරකම් (Package Theft) ලෙසයි හැදින්වෙන්නේ.

පුද්ගලයන් 1011 දෙනෙකු යොදාගෙන සිදු කළ මෙම සමීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයන්ගෙන් පහෙන් එකකගේ පමණ පාර්සල් අස්ථානගත වී තිබෙන බවයි.

එම අගය ඔස්ට්‍රේලියානුවන් මිලියන 4.1 කට සමාන වන බවයි එම සමීක්ෂණ ප්‍රතිඵල ඔස්සේ පෙන්නුම් කෙරෙන්නේ.

සමීක්ෂණය සදහා සහභාගී වූ පුද්ගලයන්ගෙන් සියයට 7 ක් පමණ ප්‍රකාශ කර ඇත්තේ තම පාර්සලය නිවසට බෙදා හැරීමෙන් පසුව සොරකම් කර ඇති බවයි.

තම පාර්සලය වැරදි ලිපිනයක් වෙත බෙදා හැර ඇති බවද ඉන් සියයට 6 කගේ අදහස වී තිබෙනවා.

මේ අතර සමීක්ෂණයට සම්බන්ධ වූ සියයට 5 ක පිරිසක් පෙන්වා දුන්නේ තම පාර්සලය බෙදාහැරීමේ ක්‍රියාවලිය අතරතුරදී සොරකම් කර ඇති බවයි.

ගතවූ මාස 12 ක කාලසීමාව තුළ මෙලෙස අස්ථානගත වූ භාණ්ඩ පැකේජවල සමස්ත වටිනාකම ඩොලර් මිලියන 606 ක් පමණ වන බවද වැඩිදුරටත් සදහන් වනවා.

දුම්පානයෙන් මිදෙන්න සූදනම් පිරිසක්

ස්පිනිෆෙක්ස් මිනිසා දශකයක් තිස්සේ පර්ත් සිට කිලෝමීටර් 1,300 ක් නැගෙනහිරින් පිහිටි ටියුන්ට්ජුන්ට්ජාරා හි දුරස්ථ ප්‍රජාවේ සෞඛ්‍ය වෘත්තිකයෙකු ලෙස සේවය කර ඇත.

Read More »

අවසන් ගමනේදී පාප් වහන්සේ කියා දුන් – අනුකම්පාවේ පණිවිඩය

සිය දේහය වතිකාන සීමාව තුළ මිහිදන් නොකිරීමට තීරණය කිරීමෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සියවසකට අධික සම්ප්‍රදායක් බිඳ දමා ඇත.

Read More »