
අධික ගෑස් මිල ගණන් සහ සීමිත සැපයුම් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කර්මාන්තකරුවන් ගෝලීය වෙළඳපොළේ ගැටලු රැසකට මුහුණ දෙන බවට නවතම වාර්තාවක් හෙළිකර තිබෙනවා.
විශේෂයෙන්, LNG සැපයුම් සම්බන්ධයෙන් මේ වනවිට පවතින මතභේදාත්මක තත්වය ඊට ප්‍රධාන හේතුවයි.
ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ ගනුදෙනු කිරීමේදී ඔස්ට්‍රේලියාවේ කර්මාන්තකරුවන් ද ගෑස් අර්බුදය හේතුවෙන් ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවන බව මෙරට ප්‍රධාන ව්‍යාපාරික ආයතන චෝදනා එල්ල කර තිබෙනවා.

පවතින තත්වය හමුවේ ඇතැම් ඔස්ට්‍රේලියානු ව්‍යාපාර පවත්වාගෙන යාමේ දැඩි දුෂ්කරතා ද මතුව ඇති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
මේ අතර විදේශයන්ගෙන් LNG ආනයනයට පියවර ගන්නැයි වික්ටෝරියා ප්‍රාන්ත රජය පසුගියදා ෆෙඩරල් රජයෙන් ද ඉල්ලීමක් සිදු කර තිබුණා.
