
මදුරුවන් මගින් ව්‍යාප්ත වන මාරාන්තික වෛරසයක් ජැපනිස් එන්සෙපලයිටීස් පළමු වරට බ්‍රිස්බන් නගරයෙන් ද වාර්තා වී තිබෙනවා.
ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව අවසන් වී දින කිහිපයකට පසු මෙම අවදානම ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
මේ අනුව ගිණිකොණදිග ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ජනාකීර්ණ ප්‍රදේශ රැසකට ජැපනීස් එන්සෙපලයිටීස් අවදානම පවතින බවට හදුනාගෙන තිබෙනවා.

2022 වර්ෂයෙන් පසු බ්‍රිස්බන් නගරයෙන් මෙම මාරන්තික වෛරසය හදුනාගත් පළමු අවස්ථාව මෙයයි.
වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවලින්ද මේ වනවිට එවැනි ආසාධිතයන් සොයාගෙන තිබෙනවා.

මෙහි රෝග ලක්ෂණ වන්නේ හිසරදය සහ සිරුරෙහි වේදනාව ඇති වීමයි.