
ඔස්ට්‍රේලියානු ගව මස් (Beef) සඳහා නව තීරු බදු පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය සූදානම් වනවා.
ඒ හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ මැක්ඩොනල්ඩ් අවන්හල් ජාලය තුළ පවතින ආහාරවල මිල ගණන් ඉහළ යා හැකි බවටයි ඔස්ට්‍රේලියා වෙළඳ අමාත්‍ය ඩොන් ෆැරල් අනතුරු අඟවා ඇත්තේ.
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය නිසා ඔස්ට්‍රේලියාවේ ගොවීන් දැඩි කනස්සල්ලට පත්ව සිටිනවා.

යම් හෙයකින් ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ගව මස් (Beef) සඳහා අමෙරිකාව නව තීරුබදු පැනවුවහොත් එය අමෙරිකාවේ මැක්ඩොනල්ඩ් අවන්හල් ජාලය වෙත විශාල බලපෑමක් එල්ල කරනු ඇති.
එම මිල ගණන් ඉහළ යෑම මත පදනම්ව අමෙරිකා එක්සත් ජනපදයේ ක්ෂණික ආහාර (Fast Food) ලෝලීන් ද පීඩාවට පත්වනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

පසුගිය වර්ෂයේ නොවැම්බර් මාසය වනවිට අමෙරිකා එක්සත් ජනපදය වෙත ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද ගව මස් ප්‍රමාණය ටොන් 353,000 ක් පමණ වනවා.
ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් අවධාරණය කළේ ඔස්ට්‍රේලියාව වෙත පැනවීමට නියමිත තීරුබදු සම්බන්ධ ගැටලුව විසදීමට තමත් තවමත් කටයුතු කරමින් සිටින බවයි.