
ඔස්ට්‍රේලියාවේ උපත් පාලන පෙත්තක් සහන මිලකට ලබාදීමට ෆෙඩරල් රජය සූදානම් වනවා.
ජනප්‍රිය උපත් පාලන පෙත්තක් වන Slinda මැයි පළමු වනදා සිට සහන මිලකට ලබාදෙන බවයි ඔස්ට්‍රේලියා රජය පවසන්නේ.
ඒ අනුව සහන කාඩ්පත් හිමියන්ට මාස 4 ක් සඳහා ඩොලර් 7.70 ක මුදලක් ඒ සඳහා වැයවන විට සහන කාඩ්පත් නොමැති කාන්තාවන්ට ඩොලර් 31.60 ක් වැයවනු ඇති.

මාස 3 ක Slinda බෙහෙත් වට්ටෝරුවකට මේ වනවිට වැය වන මුදල ඩොලර් 80 ක්.
ඒ අනුව මෙම සහනය මගින් ඩොලර් 50 ක පමණ පිරිවැය අඩු කිරීමක් සිදුවනු ඇති.

ඔස්ට්‍රේලියාව මෙම මස සහන ලබාදුන් 03 වන පෙති වර්ගය මෙය වනවා.
ඔස්ට්‍රේලියානු කාන්තාවන් 80,000 ක් පමණ ස්ලින්ඩා උපත් පාලන පෙති භාවිත කරන බවයි දත්ත වාර්තාවල දැක්වෙන්නේ.