
ඇඩිලේඩ් හි පැවති ක්‍රිකට් තරඟයක් අතරතුර තණතීරුවේ ඇද වැටී ක්‍රීඩකයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
සෙල්සියස් අංශක 41.7 ක දැඩි උෂ්ණත්වය ක්‍රීඩකයාගේ මරණයට හේතුව වී ඇති බවයි මාධ්‍ය වාර්තා වල දැක්වෙන්නේ.
ගිනිකොණදිග ඇඩිලේඩ් හිදී පැවති ක්‍රිකට් තරඟයකදී 40 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ඇඩිලේඩ් නගරයට ඊයේ දිනයේ දැඩි උෂ්ණත්වයක් බලපෑ බව බලධාරීන් පවසනවා.
උදේ කාලයේ සෙල්සියස් අංශක 40 ක්ව පැවති උෂ්ණත්වය සවස් වරුවේ 42 කට ආසන්නව තිබූ බවයි කාලගුණ විද්‍යා කාර්යංශය කියාසිටියේ.
