Search

වැඩි කාලයක් අභ්‍යවකාශයේ හිරවුනොත් ඔබටත් වෙන දේ

ගගනගාමීන් අභ්‍යවකාශයේ කාලයක් රැඳී සිටීමෙන් ඔවුන්ගේ ශරීරයේ සිදුවන වෙනස්කම් පිළිබඳ අනාවරණයක් සිදුකර තිබෙනවා.

මිනිසුන් අභ්‍යවකාශයට යැවීම අවදානම් සහගත පිළිවෙතක් වුවත් ගගනගාමීන්ට ඒ සඳහා නිසි පුහුණුවක් නාසා ආයතන මගින් ලබාදෙනවා.

නාසා ආයතනය පවසන්නේ පෘථිවි ගුරුත්වාකර්ෂණය නොමැතිව දීර්ඝ කාලයක් අභ්‍යවකාශගතවීමෙන් අස්ථිවලට දැඩි බලපෑමක් සිදුවන බවයි.

එමෙන්ම මොළයේ ස්නායු හරහා අභ්‍යන්තර අවයව වලට යවන පණිවුඩ වෙනස්වීමේ හැකියාව පවතින බව Baylor වෛද්‍ය විද්‍යාලයේ අභ්‍යවකාශ වෛද්‍ය මධ්‍යස්ථානය කියාසිටියා.

මේ අතර ගගනගාමීන්ට ඇස් ආශ්‍රිතව Neuro-ocular Syndrome (SANS) වැනි තත්වයන් ඇතුළු පෙනීමේ වෙනස්කම් සිදුවිය හැකියි.

අභ්‍යවකාශ ගමනේදී සිදුවන කොන්දේ වේදනාව මෙන්ම දත් ආශ්‍රිත රෝගද වාර්තා වී ඇති බවයි නාසා ආයතනය පවසන්නේ.

එමෙන්ම අභ්‍යවකාශය තුළ දීර්ඝකාලයක් රැඳී සිටීමෙන් මානසික සෞඛ්‍යයට දැඩි සේ බලපෑම් එල්ල වනවා.

හුදකලාවීම, නින්ද නොයාම, කෝපය, චිත්තවේග පාලනය කිරීමට නොහැකිවීම එමගින් සිදුවිය හැකියි.

මේවාට පිළියමක් ලෙස අභ්‍යවකාශය තුළ ව්‍යායාම් උපකරණ ලබාදීම, ගගනගාමීන්ට භාෂාවක් ඉගෙනගැනීමට සැලැස්වීම, විවිධ අත්හදා බැලීම් සිදුකිරීමට ඉඩලබාදීම වැනි ක්‍රියාවන්වල නිරත වනු ලබනවා.

කෙසේවෙතත් පෘථිවියට පැමිණීමට තිබූ යානයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන්  මාස 10 ක පමණ අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයේ සිරවී සිටින ගගනගාමීන් දෙදෙනා ලඟදීම පෘථිවියට පැමිණීමට නියමිතයි.

ඒ ඔවුන් වෙනුවෙන් ඊයේ නාසා ආයතනයෙන් දියත්කළ රොකට් යානයෙන්.

58 හැවි­රිදි විශ්‍රා­මික නාවික හමුදා නිල­ධා­රි­නි­යක වන සුනිතා විලි­යම්ස් සහ 61 හැවි­රිදි නාවික හමුදා කපි­තා­න්ව­ර­යකු වන බච් විල්මෝර් යන දෙදෙනායි මෙලෙස අභ්‍යවකාශයේ රැඳී සිටින්නේ.