
කුඩා හා මධ්‍ය පරිමාණ බීර නිෂ්පාදකයන්ට ලබන අයවැයෙන් ඩොලර් 250000 ක බදු සහනයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
මේ අනුව නිෂ්පාදන කටයුතුවල ඉහළ යාමක් මෙන්ම බීර මිළ ගණන්වල පහළයාමක්ද අපේක්ෂා කෙරේ.
දැනට ඔස්ටේ්‍රලියාව තුළ කුඩා හා මධ්‍ය පරිමාණ මත්පැන් නිෂ්පාදන ආයතන 1000 කට ආසන්න සංඛ්‍යාවක් පවතී.

ඉන් බහුතරය නාගරික ප්‍රදේශවලින් බැහැරව පවත්වාගෙන යන ඒවා වන අතර රජයේ නව තීරණයත් සමග එම සේවකයන් 15000 කට පමණ ප්‍රතිලාභ අත්වනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.
මේ අනුව ලබන ජූලි 01 දා සිට කුඩා පරිමාණ මත්පැන් නිෂ්පාදකයන්ට ඔවුන් වාර්ෂිකව ගෙවන ඩොලර් 350 000 ක පමණ බදු මුදල නැවත ලබා ගැනීමට හැකිවේ.

ලොව බීර බදු අතුරින් 04 වන ස්ථානයට වැඩිම බද්දක් අය කෙරෙන්නේ ඔස්ටේ්‍රලියාව තුළයි.