Search

විදෙස් ශ්‍රමිකයින්ටත් විශ්‍රාම වැටුපක්

විදෙස් ශ්‍රමිකයින්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය දැනටමත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා රජය පවසනවා.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊයේ පාර්ලිමේන්තුවේදී කියාසිටියේ විදේශ විශ්‍රාම වැටුප් ක්‍රමය තවදුරටත් ශක්තිමත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.

සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ සමාජ ආරක්ෂණ අරමුදල සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මේ වනවිටත් ඒ සම්බන්ධ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා ඇති බවයි  අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.

ඒ අනුව ඉදිරියේදී විදෙස් ශ්‍රමිකයින්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය ඔවුන්ට හඳුන්වාදීමට පියවර ගන්නා බව විජිත හේරත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පිරිසට ද යෝජනා වී ඇති විශ්‍රාම වැටුප් ක්‍රමය ඔවුන් වෙත ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »