
මෙල්බන් හි නැගෙනහිර ප්‍රදේශයේ නිවාස ආසන්නයේ හටගත් ලැව් ගින්න තවමත් සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට නොහැකි වී ඇතැයි බලධාරීන් පවසනවා.
Dr Ken Leversha රක්ෂිතයේ ඇතිවූ ගින්න නිවීමට හෙලිකොපර් මගින් ජල ප්‍රහාර සිදුකරන අතර ගිනි නිවන භටයින් රැසක්ද ඊට එක්ව සිටිනවා.
Kilsyth, Montrose, north of Glasgow Road and Sheffield Road to Canterbury මාර්ග සඳහා අද අලුයම 3 ට පමණ හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණා.

ඒ අවට ප්‍රදේශවාසීන්ට ද නිවෙස්වලින් ඉවත් වන ලෙසයි මෙල්බන් බලධාරීන් දැනුම්දුන්නේ.
ලැව් ගින්න තරමක් මැඩපවත්වා තිබුනද පවතින වියළි සුළං හමුවේ ඕනෑම අවස්ථාවක එය යළි ඇති විය හැකි බව ගිනි නිවීමේ භටයින් පෙන්වාදෙනවා.

ගින්න නිවීමට ගිනි නිවන රථ 40 කට අධික සංඛ්‍යාවක් සහ හෙලිකොප්ටර් යානා 3 ක් කටයුතු කරමින් සිටිනවා.