Search

වික්ටෝරියාවේ ආයුධ තහනම් නීතිය වහා ගෙන එන්නැයි ඉල්ලීමක්

තියුණු ආයුධ තහනම් කෙරෙන නීති වහා සම්මත කරන්නැයි වික්ටෝරියා ප්‍රාන්ත විපක්ෂය ප්‍රාන්ත රජයට නැවත බල කරනවා.

දින කිහිපයකට පෙර මෙල්බන් නගරයෙන් තවත් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් වාර්තා වීම ඊට ආසන්නතම හේතුවයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාව පළමු තියුණු ආයුධ තහනම් නීතිය ගෙන එන ප්‍රාන්තය බවට වික්ටෝරියාව පත් කරන බවයි අගමැතිනි ජසින්ටා ඇලන් පසුගියදා සදහන් කළේ.

කෙසේවෙතත් එම නීති ලබන සැප්තැම්බර් 01 වනදා තෙක් බලාත්මක නොවනු ඇති බවටද වාර්තා පළවී තිබෙනවා.

එමෙන්ම එදින සිට නොවැම්බර් 30 වනදා දක්වා සහන කාල සීමාවක් ක්‍රියාත්මක වනු ඇති බවටද වාර්තා පළ වනවා.

මෙම සියලු කරුණු සැළකිල්ලට ගෙන වික්ටෝරියා විපක්ෂය ප්‍රාන්ත රජයෙන් ඉල්ලා සිටින්නේ තියුණු ආයුධ සම්බන්ධ නීති වහා දැඩි කරන ලෙසටයි.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »