
නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.
මෑතකදී පැවති වෙන්දේසි 20 ක තොරතුරු සළකා බැලීමෙන් පසුවයි පාරිභෝගික කොමිසම එම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ.
දැනට පවතින නීති අනුව වෙන්දේසියකට පෙර නිවසක මිල ඉතා අඩු අගයක සටහන් කිරීම නීති විරෝධී වනවා.

කෙසේවෙතත් ඇතැම් දේපළ වෙළදාම් නියෝජිතයන් එම රෙගුලාසි කඩකරමින් කටයුතු කරන ආකාරයක් දක්නට හැකියි.
මෑතකාලීනව මෙවැනි පැමිණිලි 3,740 ක් පමණ වික්ටෝරියා ප්‍රාන්ත රජයට ලැබී තිබූ බවද සදහන්.

එහිදී නියම කර තිබූ දඩ මුදලෙහි එකතුව ඩොලර් මිලියන 1.8 කට ආසන්නයි.