Search

අනවශ්‍ය දේටත් ගිලන් රථ හොයන වික්ටෝරියානුවන්ට වෙන්න යන දේ

හදිසි නොවන ප්‍රතිකාර සදහා ඇමතුම් ලබාදීමෙන් වළකින්නැයි වික්ටෝරියා ගිලන්රථ සේවය ප්‍රාන්ත වාසීන්ට දැනුම් දෙනවා.

විශේෂයෙන්, රාත්‍රී කාලයේදී සේවා මුරවල නිරත සෞඛ්‍ය සහයකයන්ගේ සංඛ්‍යාව අඩු අගයක් ගැනීම ඊට හේතුවයි.

ඒ අනුව අධික ඉල්ලුමක් පැවතීම හමුවේ හදිසි සහ අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් ප්‍රමුඛතාවය ලබාදීමට සිදුව ඇති බවයි වික්ටෝරියා ගිලන්රථ සේවය සදහන් කරන්නේ.

මේ දිනවල පවතින අධික උණුසුම මෙන්ම ක්‍රීඩා තරග අතරතුර සිදුවන අනතුරු හේතුවෙන් ද විශාල පිරිසක් රෝහල් ගත කිරීම දක්නට ලැබෙන සුලභ සිද්ධියක්.

ඒ අනුව 000 (Triple Zero) ඇමතීමට පෙර මූලික ප්‍රතිකාර කරගත හැකිනම් ඒ සදහා යොමුවන්නැයි ද වික්ටෝරියා ගිලන් රථ සේවය ප්‍රාන්ත වාසීන්ට දැනුම් දෙනවා.