
2032 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ ටෙනිස් තරග පැවැත්වීමේ අවස්ථාව මෙල්බන් නගරයට හිමිවන ලකුණු පළවී තිබෙනවා.
ඊට හේතුව වන්නේ දැනට ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය හිමිවී ඇති බ්‍රිස්බන් නගරයේ ටෙනිස් ක්‍රීඩාංගණවල පහසුකම් ප්‍රමාණවත් නොවීමයි.
ඩොලර් මිලියන 113 ක වියදමින් අදාළ ක්‍රීඩාංගණ අලුත්වැඩියා කිරීමේ යෝජනාවක් ක්වීන්ස්ලන්ඩ් ටෙනිස් සම්මේලනය විසින් දැනටමත් ඉදිරිපත් කර තිබෙනවා.

ආසන 3,000 කින් යුත් නව ටෙනිස් ක්‍රීඩාංගණයක් මෙන්ම තාවකාලික ටෙනිස් පිටි 08 ක් ඉදි කිරීමද ඊට ඇතුලත්.
කෙසේවෙතත් එම යෝජනාව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ පිළිගත් සම්මුතීන්වලට බැහැර බවටයි චෝදනා එල්ල වන්නේ.

ඒ අනුව 2032 ඔලිම්පික් උළෙලේ ටෙනිස් තරග බොහෝදුරට මෙල්බන් නගරයේදී පැවැත්වෙනු ඇති බවට අනාවැකි පළ වනවා.