
කැනඩාවේ අභිනව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ පාලනය යටතේ පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් සඳහා ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී තේරිපත් ව තිබෙනවා.
ඒ අනුව ඔහුට කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරය හිමිව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
කැනඩා ඉතිහාසයේ අධිකරණ අමාත්‍ය ධුරයට තේරිපත් වූ පළමු දෙමළ-කැනේඩියානු ජාතිකයා ගැරී ආනන්දසංගරී මහතා බවට පත්වනු ඇති.

නීතිඥයෙකු වන ගැරී ආනන්දසංගරී මහතා දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගු කලක් පෙනී සිටින පුද්ගලයෙකු බවද සදහන්.
යාපනයේ උපත ලැබූ ගැරී ආනන්දසංගරී මහතා, 1983 වසරේදී කැනඩාවට ගොස් ඇති අතර පසුව කැනඩාවේ පදිංචි වී තිබෙනවා.

දේශපාලනයට පිවිසීමට පෙර, ගැරී ආනන්දසංගරී මහතා නීතිඥයෙකු සහ ප්‍රජා උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබීමද විශේෂත්වයක්.
එමෙන්ම ඔහු කැනේඩියානු දෙමළ වාණිජ මණ්ඩලය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය සහ කැනේඩියානු දෙමළ තරුණ සංවර්ධන මධ්‍යස්ථානය ඇතුළු විවිධ සංවිධාන කිහිපයක් සමඟ කටයුතු කර ඇති බවද වැඩිදුරටත් සදහන්.