Search

මෙල්බන් හි ලැව් ගින්න තවදුරටත් පැතිරෙන බවට අනතුරු ඇඟවීම්

මෙල්බන් හි නැගෙනහිර ප්‍රදේශයේ නිවාස ආසන්නයේ හටගත් ලැව් ගින්න මැඩපැවැත්වීමට බලධාරීන් කටයුතු කරමින් සිටිනවා.

පවතින වියළි සුළං හා අධික උෂ්ණත්වය හමුවේ ගින්න ව්‍යාප්තවීම වැඩි වූ බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.

Montrose හි ගින්න පවතින ප්‍රදේශයෙන් මීටර් 50 ක් 100 ක් ඈතින් නිවාස පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් Montrose සහ Kilsyth ප්‍රදේශවාසීන්ට අනතුරු ඇඟවීම් ද නිකුත්කර ඇති බව මෙල්බන් බලධාරීන් කියාසිටියා.

අද සවස 2 ට ඇතිවූ මෙම ගින්නෙන් මේ වනවිට හෙක්ටයාර 2 ක පමණ භූමි ප්‍රදේශයක් ගිනි ගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න නිවීමට ගිනි නිවන රථ 40 කට අධික සංඛ්‍යාවක් සහ හෙලිකොප්ටර් යානා 3 ක් කටයුතු කරමින් සිටිනවා.

මෙල්බන් හි හෙට උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 ක් දක්වා පහත වැටෙන අතර වැසි තත්වයක් ද ඇති විය හැකි බවයි කාලගුණ අංශ පවසන්නේ.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »