
කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව අද (15) රට පුරා පාගමන් රැසක් පවත්වා තිබෙනවා.
Australian Femicide Watch සහ The Red Heart Campaign යන සංවිධාන විසින් දළ වශයෙන් ඔස්ට්‍රේලියාවේ නගර 14 ක් පමණ ආවරණය වන පරිදි මෙම පාගමන් සංවිධානය කර ඇති බවයි පැවසෙන්නේ.
මෙහිදී ප්‍රචණ්ඩත්වයට ලක්ව දිව් අහිමි වූ කාන්තාවන් සිහිපත් කිරීමද සිදුවී තිබෙනවා.

කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සදහා නීති පද්ධතිය ශක්තිමත් කළ යුතු බවද විරෝධතාකරුවන් ෆෙඩරල් රජයෙන් සහ ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලා සිට තිබෙනවා.
Australian Femicide Watch පෙන්වා දී ඇත්තේ 2024 වර්ෂයේදී පමණක් රට තුළ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ කාන්තාවන් 103 දෙනෙකු සහ ළමුන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.

මෙම වර්ෂයේදී දැනට ප්‍රචණ්ඩත්වය හේතුවෙන් කාන්තාවන් 14 දෙනෙකු සහ ළමුන් සිව් දෙනෙකුට දිවි අහිමි වී තිබෙන බවද වැඩිදුරටත් සදහන්.