
රටවල් රැසකට පුළුල් සංචාරක සීමා පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වනවා.
කාණ්ඩ 03ක් යටතේ සංචාරක සීමා පැනවීම් සිදුකරන අතර ඊට අයත් රටවල් ගණන 41ක්.
නමුත් එය එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඇතුළු පරිපාලනය විසින් තවමත් අනුමත කර නොමැති බව ද විදෙස් මාධ්‍යවල සඳහන්.

මේ අනුව ඇෆ්ගනිස්ථානය , කියුබාව, ඉරානය, ලිබියාව, උතුරු කොරියාව,සෝමාලියාව,සුඩානය,සිරියාව ,වෙනිසියුලාව සහ යේමනය යන රටවලට සම්පූර්ණ වීසා අත්හිටුවීමක් සිදු කෙරෙනු ඇති.
අර්ධ වීසා අත්හිටුවීම යටතට අයත් වන්නේ එරිත්‍රියාව, හයිටිය,ලාඕසය,මියන්මාරය සහ දකුණු සුඩානයි.

පාකිස්ථානය, භූතානය,කාම්බෝජය,කැමරූන් සහ කොංගෝ ජනරජය ඇතුළු රටවල් කිහිපයක් ද අර්ධ වීසා අත්හිටුවීම සඳහා නිර්දේශිත රටවල් ලැයිස්තුවට ඇතුළත් වනවා.