
බොහෝ මිනිසුන්ට පහසුවෙන් සිදුකළ හැකි කාර්යයක් AI තාක්ෂණයට සිදුකළ නොහැකි බවට අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
AI තාක්ෂණය මගින් රචනා ලිවීමට, කලා නිර්මාණ කිරීමට මෙන්ම සංවාද පැවැත්වීමට පවා හැකියාව පවතිනවා.
නමුත් ඇතැම් AI තාක්ෂණ පද්ධතිවලට ඔරලෝසුවේ වේලාව කියවීමට හා දිනයක් තේරුම් ගැනීමට ඉතා අසීරු වී ඇති බවයි අධ්‍යයනයේදී හෙළිව ඇත්තේ.

මිනිසුන්ට වේලාව හා දිනය කියවීම ඉතා ලෙහෙසියෙන් සිදුකළ ද ඇතැම් AI තාක්ෂණයන් ඊට වැඩි කාලයක් ඒ සඳහා ගත කරන බව ඔවුන් පෙන්වාදෙනවා.
එඩින්බරෝ විශ්ව විද්‍යාලය මගින් සිදුකළ අධ්‍යයනයකදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.

අධ්‍යයනයේදී AI තාක්ෂණය හරහා වේලාව කියවීම පිණිස රෝමානු ඉලක්කම්, කටු පමණක් ඇති ඔරලෝසු වැනි විවිධ වර්ගයේ ඔරලෝසු භාවිත කර තිබෙනවා.
ඒ අනුව හඳුනාගෙන ඇත්තේ ඔරලෝසු කටු හෝ රෝම ඉලක්කම් සහිත ඔරලෝසුවල වේලාවන් කියවීමට AI තාක්ෂණය ඉතා දුර්වල ලෙස ක්‍රියාකරන බවයි.
එමෙන් දින දර්ශන සම්බන්ධයෙන් AI තාක්ෂණයේ දුර්වලතා වන්නේ නිවාඩු දින හඳුනා නොගැනීම, අතීත හෝ අනාගත දිනයන් ගණනය කිරීම ඇතුළු ගැටළු යි.
එමගින් AI තාක්ෂණය යොදාගන්නා දෘෂ්‍යාබාධ රෝගීන් වෙනුවෙන් මෙම දුර්වලතාව නිවැරදි කළ යුතු බවයි එඩින්බරෝ විශ්ව විද්‍යාලය අධ්‍යන පිරිස අවධාරණය කරන්නේ.
එමෙන්ම මෙම සොයාගැනීම් ලබන අප්‍රේල් මස 28 වන දින සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිත AI සමුළුවේදී ඉදිරිපත් කිරීමට නියමිත බව ද එඩින්බරෝ විශ්ව විද්‍යාල පර්යේෂක රෝහිත් සක්සේනා සඳහන් කළා.