
ශ්‍රී ලංකාවේ කෘෂි බෝගවලට හානි පමුණුවන සතුන් ප්‍රමාණය හදුනා ගැනීම වෙනුවෙන් සිදු කරන ජාතික සංගණනය මේ වනවිට අවසන් වී තිබෙනවා.
ඒ අනුව අද (15) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 08.00 ත් 8.05 ත් අතර කාලසීමාව තුළ දීපව්‍යාප්තව මෙම සංගණනය ක්‍රියාත්මක වුණා.
අදාළ කාලසීමාව තුළ ගෙවත්තට / වගාබිමට සහ පොදු ස්ථානවලට පැමිණෙන රිලවුන්, වඳුරන්, දඬු ලේනන් සහ මොණරුන් වැනි සතුන් සංගණනය කිරීම මෙහිදී සිදු වුණා.

එම සත්ව සංගණනය සිදු වූයේ ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදියි.
ඊට අදාළ සංගණන පත්‍රිකා මීට පෙර ග්‍රාමසේවක හෝ බලයලත් රාජ්‍ය නිලධාරීන් මාර්ගයෙන් බෙදා දී තිබුණා.

අදාළ සංගණන ක්‍රියාවලිය එම කාලසීමාව තුළ සාර්ථකව ක්‍රියාත්මක වී තිබෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.